Gossips

සිසුවියක් අපයෝජනය කළ සැකකරුවෙකු දැලේ

තණමල්විල සෙවනගල ප්‍රදේශයේදී පාසල් සිසුවියක් අපයෝජනය කල සැකකරුවකු සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සදහා පැමිනි වයස අවුරුදු විසිදෙකක පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.
එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක දහ වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් සැකකරු විසින් අපයෝජනය කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකදීයි සැකකරු අදාළ දැරිය ප්‍රථමයෙන් හමුවී ඇත්තේ.
අනතුරුව සැකකරු සහ දැරිය අතර ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස්තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරු විසින් තම පෙම්වතිය වූ පාසල් සිසුවියට ජංගම දුරකතනයක් ද මිලදීගෙන ලබා ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ දැරියගේ දෙමාපියන් නිවසේ නොමැති අවස්ථාවකදී සැකකරු ඇයගේ නිවසට පැමිණ දැරිය සමග අඹු සැමි සම්බන්ධතාවක් පවත්වා ඇති බවයි.
සැකකරු අද (24) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කර ඇති අතර සෙවනගල පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරන්නේ.