Gossips

සිසුවියක් අපයෝජනය කළ උපකාරක පංති ගුරුවරයෙකු බණ්ඩාරගමින් අල්ලයි

වසර දෙකහමාරක් තුළදී අවස්ථා කිහිපයකදීම පාසල් සිසුවියක් අපයෝජනය කළ උපකාර පංති ගුරුවරයෙකු ඊයේ (10) බණ්ඩාරගම ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොරොන්තුඩුව පොලිසියට ලැබුණු පැමිණිල්ලක් ලැබී තිබුණා.
එම පැමිණිල්ල බණ්ඩාරගම පොලිසියට භාරදීමෙන් අනතුරුවයි අදාළ උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එසේ පොලිස් අත්අඩංගුවට පත් ගුරුවරයා බණ්ඩාරගම ප්‍රදේශයේ ගණිත විෂය උගන්වන උපකාරක පංති ගුරුවරයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකාර උපකාරක පංති ගුරුවරයා මුල් වරට අදාළ පාසල් සිසුවිය බණ්ඩාරගම නගරයේ උපකාරක පංතියක් තුළදී අපයෝජනයට ලක්කර ඇත්තේ මීට වසර දෙකහමාරකට පමණ පෙරයි.
පසුව ගුරුවරයා විසින් ඇයට ජංගම දුරකථනයෙන් අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වමින් විටින් විට බියවද්දා අවස්ථා කිහිපයකදීම අපයෝජනයට ලක් කර ඇති බවයි අදාළ පාසල් සිසුවියගේ පියා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ.
සැකකාර උපකාරක පංති ගුරුවරයා ඊයේ (10) අදාළ සිසුවියගේ ජංගම දුරකථනයට ලබාගත් දුරකථන ඇමතුමක් ගැන සැක සිතූ ඇයගේ සහෝදරයා ඒ පිළිබඳව ඇයගෙන් ප්‍රශ්නකර තිබෙනවා.
ඇය එහිදී තව දුරටත් ප්‍රකාශ ඇත්තේ අදාල උපකාරක පංති ගුරුවරයා වරින් වර බණ්ඩාරගම නගරයේ ඖෂධ වෙළඳසැලකින් ලබාගත් පෙති වර්ගයක්ද තමන්ට පානය කිරීමට ලබා දුන් බවයි.
එම පාසල් සිසුවිය මේ වනවිට කළුතර ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධියට අදාළ 52 හැවිරිදි සැකකාර උපකාරක පංති ගුරුවරයා පස්දරු පියෙක්ද වන අතර ඔහු අද (11) හොරණ මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.