Gossips

සිසුවියකට අතවර කළ අයෙක් මව්පියන්ගේ පැමිණිල්ලෙන් පොලිස් දැලේ පැටලෙයි

පාසල් දැරියකට වදහිංසා සිදුකර ඇයට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙකු පේදුරුතුඩුව පොලීසිය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 16ක පාසල් සිසුවියකට සැකකරු විසින් මෙලෙස ලිංගික අතවර සිදුකර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 54ක පුද්ගලයෙකු වන අතර දැරියගේ නිවසේ කිසිවෙක් නොසිටි අවස්ථාවක සැකකරු විසින් ඇයට ලිංගික අතවර කළ බව ඇය විසින් ඇගේ දෙමව්පියන්ට පවසා තිබෙනවා.
අනතුරුව මේ සම්බන්ධයෙන් ඇයගේ මව්පියන් විසින් පේදුරුතුඩුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු යාපනය, මල්ලාකම් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මල්ලාකම් විනිසුරුවරයා නියෝග කළ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.