සාමාන්‍ය පෙළ විභාකයේ ගණිතය පළමු වන කොටසේ ප්‍රශ්න පත්‍රය සඳහා අයඳුම්කරුවා වෙනුවට පෙනී සිටි ඔහුගේ මිතුරෙකු පොලීසිය ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාතර – පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
25 හැවිරිදි මෙම පුද්ගලයා පිළිබදව සැක සිතී විභාග ශාලාධිපතිවරයා ඒ පිළිබදව සොයා බලා ඇති අතර, පසුව පොලීසියට දැනුම් දී තිබෙනවා.
විභාගය සඳහා ඉදිරිපත්ව සිටි ශිෂ්‍යයා පෙර දින රියදුරු බලපත්‍රය ඉදිරිපත් කර විභාගයට පෙනී සිට ඇති අතර, ඊයේ (10) ඔහුට අයත් ජාතික හැදුනුම්පත රැගෙන සැකකාර පුද්ගලයා ගණිත විෂය සඳහා ඉදිරිපත් වී ඇති බවටයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සිසුවා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට පෙර ද අවස්ථා දෙකක දී විභාග වංචා පිළිබදව තොරතුරු වාර්තා වුණා.
පසුගිය 3 වන දා ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගය හෙටින් අවසන් වීමට නියමිතයි.