2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් වූ අතර, පාසල් අයදුම්කරුවන් 308,843ක් අතරින්, 226,417 දෙනෙකු උසස් පෙළ හැදෑරීම සදහා සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ අනුව, සිසුන් 82,426 ක් උසස් පෙළ හැදෑරීම සදහා සුදුසුකම් නොලබන පිරිසට ඇතුළත්.
ඒ අතරින්, විෂයන් සිල්ලම අසමත් සිසුන් සංඛ්‍යාව 6195ක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.
මේ අතර, සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ දරුවන්ට ද තවදුරටත් අධ්‍යාපනය ලබා ගැනීමේ බාධාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.
