5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් වුවත්, තම දරුවන්ට පාසලක් අහිමි වී ඇති බව පවසමින් දෙමව්පියන් පිරිසක් පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගය ඇල හන්දිය ප්‍රදේශයෙන් අවහිර කරමින් අද (29) පෙරවරුවේත් උද්ඝෝෂණයක නිරත වුණා.
පොළොන්නරුව – රාජකීය ප්‍රාථමික විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්ව සමත් වූ තම දරුවන් පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයට සිසුන් ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනුයි දෙමව්පියන් විරෝධතාවයේ නිරත වුණේ.
පොළොන්නරුව – රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් දරුවන් 34 දෙනෙකු ඇතුළු 244 දෙනෙකු මෙලෙස පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කරගෙන නොමැති බවටයි චෝදනා කරන්නේ.
උද්ඝෝෂණයට පාසලක් අහිමි වූ දරුවන් ද එක්ව සිටියා.
මෙම ගැටළුව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොළොන්නරුව – රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති රවිලාල් විජේවංශගෙන් විමසා සිටියා.
ඔහු කියා සිටියේ ශිෂ්‍යත්ව සමත් වුවත් කඩඉම් ලකුණුවලට පහළ ලකුණු ලැබූ සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ අපේක්ෂාවෙන් සිටින බවයි.
ඡායාරූප – පොළොන්නරුව, රොෂාන් තුෂාර
