Gossips

සිසුන් 200ක් පමණ රෝහල් ගතකළ බඹර ප්‍රහාරය

බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුන් 200ක් පමණ රෝහල් ගත කර තිබෙනවා.
එමෙන්ම බඹර ප්‍රහාරයට ලක්වූ ගුරුවරුන් 19 දෙනෙකුට රෝහල්ගතකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද පෙරවරුවේ පාසල ආසන්නයේ තිබූ බඹර කූඩු කිහිපයක් ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි.
ප්‍රහාරයට ලක්වූ සිසුන් මහනුවර මහරෝහලට ඇතුළත් කෙරුණු අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන සඳහන් කළා.