Gossips

සිසුන් පිරිසකට පහරදුන් ගුරුවරයෙකු රිමාන්ඩ්

කාත්තන්කුඩිය – පූනච්චිමුනෙයි ප්‍රදේශයේ පාසලක 5 ශ්‍රේණියේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් එම විද්‍යාලයේම ගුරුවරයෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔහු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. නිවසේදී සිදුකළ යුතු අධ්‍යයන කටයුත්තක් අතපසු කළ බවට පවසමින් මෙම ගුරුවරයා ළමයින් 17 දෙනෙකුට දඩුවම් කර ඇත්තේ ඊයේ දිනයේයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලක් අනුව 43 හැවිරිදි මෙම ගුරුවරයා එදිනම අත්අඩංගුවට ගැණුනා.
පහර කෑමට ලක් වූ ළමයින් කාත්තන්කුඩි රෝහලේ ප්‍රතිකාර ලබනවා.