Gossips

සිසුන් පිරිසකගේ පහර කෑ පාසල් සිසුවා ජාතික රෝහලේදී මරු වැළඳ ගනී (ඡායාරූප)

සිසුන් පිරිසක් විසින් කළ පහරදීමකින් පසු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාසල් සිසුවෙක් අද (23) අලුයම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හලාවත ප්‍රදේශයේ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවෙක්.
පසුගිය 15 වන දින රාත්‍රියේ පැවැති ආගමික වැඩසටහනකට සහභාගී වී පැමිණෙමින් සිටින අතර තුර මඟ රැකගෙන සිටි සිසුන් පිරිසක් විසින් එම සිසුවාට පහර දී ඇති බවයි අප වාර්තාකරු පවසුවේ.
පහර කෑමෙන් බරපතල තුවාල ලබා සිටි සිසුවා හලාවත දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
එහිදී සිසුවා ශල්‍යකර්මයකට ද භාජනය කර ඇති අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (23) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
පහරදීම සම්බන්ධයෙන් සැකපිට පසුගිය 16 වනදා එම පාසලේම ඉගෙනුම ලබන එක් පාසල් සිසුවෙක් සහ පසුගිය 17 වනදා තවත් පාසල් සිසුන් දෙදෙනක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු මොවුන් හලාවත අධිකරණය හුමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය 17 වනදා අත්අඩංගුවට ගැනුණු සිසුන් දෙදෙනා අප මත මුදා හැර ඇති අතර පසුගිය 16 වනදා අත්අඩංගුවට ගත් සිසුවා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හලාවත පොලිසිය විසින් සිදුකරන අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) දින සිදු කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඡායාරූප – හලාවත, ඔගස්ටින් ප්‍රනාන්දු