දුනකදෙණිය රෝමානු කතෝලික විද්‍යාලයේ විදුහල්පතිවරයා සිසුන් තිදෙනෙකුට පහරදී එක් සිසුවෙකු ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කුලියාපිටිය කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂවරයා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ඊයේ (05) පස්වරුවේ පාසලේ පැවති අතිරේක පන්තිය සඳහා සහභාගී වූ සිසුන් තිදෙනෙකු මෙලෙස විදුහල්පතිවරයාගේ පහරකෑමට ලක්ව තිබෙනවා.