තම සිව් හැවිරිදි දියණිය කලා ඔයට දැමූ පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්රදේශයේ මව ලබන 12 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ පුත්තලම මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙහිදී ඇය මහේස්ත්රාත්වරයා වෙත රහස් ප්රකාශයක් ද ලබාදී තිබෙනවා.
පසුව ඇය මීගමුව බන්ධනාගාරය වෙත යොමුකළ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
අතුරුදන් වී සිටින සෙනොරි නිෂාරා දැරියගේ සිරුර තවමත් සොයා ගැනීමට හැකිවී නැහැ.
