Gossips

සිව් හැවිරිදි දැරියක් අපයෝජනය කළ කපුවා කොටු

ඇල්පිටිය, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ වයස අවුරුදු හතරක දැරියකට බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඌරගස්මංහන්දිය පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු 56 හැවිරිදි දෙදරු පියෙක් වන අතර ඔහු රත්නපුර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන කපු මහතෙකු බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
සැකකරුගේ නිවස ආසන්නයේ පිහිටි අසල්වැසි නිවසක පදිංචිව සිටි අදාල දැරිය අවස්ථා කිහිපයකදී සැකකරු විසින් අපයෝජනය කර ඇති බව සඳහන්.
සිද්ධියට සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට සැරසෙන අවස්ථාවේ ඔහු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.
අනතුරුව පොලිසියට ලැබුණු තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුමක් දියත් කරමින් සිටියදී නීතිඥයෙකු මාර්ගයෙන් සැකකාර පුද්ගලයා පොලිසියට භාරවී ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියට මුහුණ පෑ දැරිය රෝහල් ගතකර ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.