Gossips

සිව් හැවිරිදි දැරියකට පෙර පාසල් ගුරුවරිය සිදුකළ පහරදීම

පෙර පාසල් ගුරුවරිය පහරදීම හේතුවෙන් සිව් හැවිරිදි දැරියක් රෝහල් ගත කිරීමේ පුවතක් පාදුක්ක, වග ප්‍රදේශයෙන් වාර්තා වනවා.
සිව් හැවිරිදි හිමිදි හිරන්යා ඉගෙනුම ලබන්නේ පාදුක්ක වග ප්‍රදේශයේ පිහිටි පෙර පාසලකයි.
පසුගිය සිකුරාදා විවේක කාලයේදී දැරිය අාහාර නොගැනීම හේතුවෙන් උරණ වූ පෙර පාසලේ ගුරුවරිය දැරියට පහර දි කාමරයක රඳවා ඇති බවට මව්පියන් චෝදනා කරනවා.
පහර දීම හේතුවෙන් දැරියගේ කන ප්‍රදේශය සහ පාදයේ කැළල් දක්නට ලැබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව්පියන් හංවැල්ල පොලිසිය පැමිණිල්ලක්ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
දැරිය මේ වනවිට පාදුක්ක රෝහලේ ප්‍රතිකාර ලබනවා.