Gossips

සිව් හැවිරිදි දරුවෙකුට මරු කැදවූ මුහුණට මුහුණ ගැටුණු අනතුර (ඡායාරූප)

මුන්දලම, කීරියන්කල්ලිය – ආඩිගම මාර්ගයේ ගල්කුලිය ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
ඊයේ (04) දහවල් සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ආඩිගම – ගල්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි නිතූෂ තේමියන් නමැති අවුරුදු 04ක පිරිමි දරුවෙක්.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ මියගිය කුඩා දරුවාගේ 15 හැවිරිදි සහෝදරයා, පියා සහ උඩප්පුව පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක්.
අනතුරින් තුවාල ලබා ඇති පොලිස් කොස්තාපල්වරයා සිය රාජකාරි අවසන් කර යතුරුපැදියෙන් නිවස බලා ගමන් කරමින් සිට ඇති අතර පියා සහ දරුවන් දෙදෙනා යතුරුපැදියෙන් ජලය රැගෙන ඒම සදහා යමින් සිටන අතර තුරයි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.
අනතුරින් කුඩා දරුවා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙකුත් තුවාලකරුවන් මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හලාවත මහා රෝහලට මාරුකර යවා තිබෙනවා.

ඡායාරූප – හලාවත, ජූඩ් සමන්ත