Gossips

සිව්වන වරටත් ව්ලැදිමීර් පුටින් ජනපති ධුරයේ දිවුරුම් දෙයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද හතරවන වරටත් එම ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.
සියයට 76 ක ඡුන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් පසුගිය මාර්තු 19 වනදා පැවති ජනාධිපතිවරණය ඔහු ජයග්‍රහණය කළා.
පුටින් 2000 වසරේ සිට වසර 18 ක කාලයක් රුසියානු ජනාධීපතිවරයා ලෙස හෝ අගමැතිවරයා ලෙස බලයේ රැඳී සිටිනවා.
මේ අතර පුටින් රුසියානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට එරෙහිව මොස්කව් නගරයේ ඊයේ (06) පැවති විරෝධතා අතරතුර 1000 කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනුනා.