Gossips

සිව්වන එක්දින තරඟයේ කාසිය වාසිය එංගලන්තයට

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව්වන එක්දින තරඟයේ කාසිය වාසිය දින ගැනීමට එංගලන්තය සමත් වුණා.
ඒ අනුව එංගලන්ත නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයි.
මහනුවර – පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරඟය පැවැත්වෙනවා.
තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට නම් මෙම තරඟය සහ අවසන් එක්දින තරඟය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වන අතර තරඟ දෙකට බිංදුවක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම මේ වන විට සමත්ව සිටිනවා.
Sri Lanka
1 Sadeera Samarawickrama
2 Niroshan Dickwella (wk)
3 Kusal Mendis
4 Dinesh Chandimal (capt)
5 Dhananjaya de Silva
6 Dasun Shanaka
7 Thisara Perera
8 Akila Dananjaya
9 Amila Aponso
10 Lasith Malinga
11 Kasun Rajitha
England
1 Jason Roy
2 Alex Hales
3 Joe Root
4 Eoin Morgan (capt)
5 Ben Stokes
6 Jos Buttler (wk)
7 Moeen Ali
8 Chris Woakes
9 Tom Curran
10 Adil Rashid
11 Olly Stone