Gossips

සිව්දරු මවකගේ සිරුරක් මහවැලි ගඟෙන් හමුවෙයි

අතුරුදහන්ව සිටි සිව්දරු මවකගේ සිරුරක් මහවැලි ගඟේ තිබිය දී අද (29) පස්වරුවේ සොයාගත් බව නාවලපිටිය පොලිසිය පවසනවා.
නාවලපිටිය, බලංතොට ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි සිව්දරු මවකගේ සිරුර මෙසේ මහවැලි ගඟේ පාවෙමින් තිබී සොයා ගත් බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.
මිය ගිය කාන්තාව මීට දින තුනකට ප්‍රථම තම තේ වත්තේ තේ දළු නෙලිමට ගොස් අතරුදහන් වී ඇති බවට එම කාන්තාවගේ දරුවන් විසින් නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.
ඒ අනුව පොලිසිය විසින් පොලිස් සුනඛයන් ද යොදාගෙන ප්‍රදේශය පුරා මෙහෙයුමක් ද සිදු කරනු ලැබුවා.
තේ වත්තේ දළු නෙලමින් සිටියදි මිය ගිය කාන්තාව ජලය ලබා ගැනිමට මහවැලි ගග අසලට බසින්නට ඇති බවත්, එම කාන්තාව මහවැලි ගගේ සැඩ පහරට ගසාගෙන ගොස් ජිවිතක්ෂයට පත් වෙන්නට ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය සැකකරනවා.
පශ්චාත් මරණ පරික්ෂණය සදහා සිරුර නාවලපිටිය මුලික රෝහලේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.