Gossips

සිව්කොන් දැල්පන්දු තරගාවලිය අදින් ඇරඹේ

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධාන කරනු ලබන සිව්කොන් දැල්පන්දු තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේදී අද ආරම්භ වනවා.
ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස පැවත්වෙන මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම, යොවුන් දැල්පන්දු කණ්ඩායම, කෙන්යාව සහ මලයාසියානු දැල්පන්දු කණ්ඩායම් ද තරග කිරිමට නියමිතයි.
ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම ජුලි මස 12 වනදා සිට 21 වනදා දක්වා එංගලන්තයේ පැවත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වීමට නියමිත අතර යොවුන් දැල්පන්දු කණ්ඩායම ජුනි මස 29 වනදා සිට ජුලි 07 වනදා දක්වා ජපානයේ පැවත්වෙන ආසියානු දැල්පන්දු තරගාවලියට එක්වනු ඇති.