Gossips

සිර දඩුවම් නියමවු පකිස්ථාන හිටපු අගමැති සහ දියණිය අත්අඩංගුවට

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් සහ ඔහුගේ දියණිය ලාහෝර් නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ විදෙස්ගතව සිට පකිස්ථානයට පැමිණීමෙන් අනතුරුවයි.
සිය ධුර කාලය තුල සිදුවු අක්‍රමිකතාවකට අදාළව නවාස් ශරීෆ්ට පසුගියදා වසර 10 ක සිර දඩුවමක් සහ පකිස්ථාන රුපියල් බිලියන 1.3 ක දඩ මුදලක් පනවනු ලැබුවා.
මෙම චෝදනාවන්ට අදාළව හිටපු අගමැතිවරයාගේ දියණියට නියමවු සිර දඩුවම් කාලය වසර 7 ක්.
එමෙන්ම නවාස් ශරීෆ්ගේ බෑනාට වසරක සිර දඩුවමක් නියමවු අතර ඔහු මේ වන විට බන්ධනාගාර ගතව පසුවනවා.
සිය බිරිඳගේ රෝගී තත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහායි පකිස්ථාන හිටපු අගමැතිවරයා සහ දියණිය විදෙස්ගතව සිට තිබුනේ.
නවාස් ශරීෆ් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහුගේ පාක්ෂිකයන් දස දහසකට වැඩි පිරිසක් ද එම ප්‍රදේශයට පැමිණ සිටියා.
කෙසේවෙතත් මෙම සිර දඩුවම් නියෝගය හිටපු අගමැතිවරයා ප්‍රතික්ෂේප කර තිබු අතර ඔහු චෝදනා කළේ තමා දේශපාලනික වශයෙන් අධෛර්යමත් කිරීමට මෙම නියෝගය ලබාදී ඇති බවයි.