Gossips

සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකර ගත් පුද්ගලයා

මොණරාගල, දඹගල්ල, මාරිඅරාව ප්‍රදේශයේදී පෙට්‍රල් දමාගෙන සිරුරට ගිනි තබාගෙන පුද්ගලයෙකු සියදිවි හානිකර ගැනීමේ පුවතක් වාර්තා වනවා.
ඊයේ (15) පස්වරුවේ මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ 32 හැවිරිදි විවාහක පුද්ගලයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පවුල් ආරවුලක් හේතුවෙන් අදාල පුද්ගලයා මෙලෙස සියදිවි හානිකර ගන්නට ඇති බවයි සැක පළකරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් දඹගල්ල පොලීසිය විමර්ශන සිදුකරනවා.