Gossips

සිරුරට ගිනි තබාගෙන කාන්තාවක් දිවි නසා ගනී

අරලගංවිල යාය 7 ප්‍රදේශයේ කාන්තාවක් තම සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
ඊයේ සවස 5.15 ට පමණයි මෙය සිදුවී ඇත්තේ.
මෙලෙස දිවි හානිකරගෙන ඇත්තේ අවුරුදු 72 ක් වයසැති කාන්තාවක්.
ඇය දරුණු පිළිකා රෝගයකින් පෙළෙන බැවින් මෙලෙස දිවි නසාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
මෙම කාන්තාව මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙලෙස දිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇතැයි ද හෙළිවී තිබෙනවා.
දෙහිඅත්තකණ්ඩිය පොලිසියයි මේ පිළිබඳ විමර්ශන මෙහෙයවන්නේ.