Gossips

සිරිලක මහා වන්දනා ගමන ‘හිරු සිරිපා කරුණාව’ අදයි

‘සිරිලක මහා වන්දනා ගමන – හිරු සිරිපා කරුණාව 2019’ තව සුළු මොහොතකින් ඇරඹෙනවා.
හිරු එෆ්.එම්. සංවිධාන කරන මේ බැතිබර වන්දනා චාරිකාවට එක්වන්නේ රට පුරා විසිරුණු හිරු ශ්‍රාවකයන්.
අද උදෑසන කොළඹ, අම්පාර, මොණරාගල, පදවිය, මීරිගම සහ දෙබරවැව, ප්‍රදේශවලින් පිටත් වන වන්දනා බස් රථ නල්ලතන්නියට ළඟාවීමෙන් පසු සියළු වන්දනා නඩ එක්ව සිරිපා කරුණා කිරීමට නියමිතයි.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ තවත් පින්බර සංකල්පයක් පරිදි වාර්ෂිකව දියත් කෙරෙන මෙම මහා වන්දනා චාරිකාවේදී දිවයින පුරා විසිරුණු බැතිමතුන්ට හිරුගේ සියළු පුද සත්කාර මැද ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට වරම් හිමි වනවා.
හිරු සිරිපා කරුණාව පෙරටු කර ගනිමින් උත්තරීතර පූජා කරඬු වහන්සේ 06 නමක්ද සිරිපා පුදබිම වෙත වැඩම කරවීමට හිරු මෙවරත් කටයුතු සූදානම් කළේ මග දෙපස රැස්ව, මෙම පින්බර චාරිකාවට දායක වන බැතිමතුන්ට ආශිර්වාද කිරීමේ අරමුණින්.
එම පූජා කරඬු වහන්සේ වන්දනා කර පිරිකර පඬුරු හැකි පමණින් පූජා කරන්නටත් රට පුරා විසිරුණු බැතිමතුන්ට අවස්ථාව හිමිවිම විශේෂත්වයක්. එම නිසාවෙන්ම ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි පූජා කරඬු වහන්සේ වැඩම කරවීමට අප සුදානම්.
ඒ අනුව උත්තරීතර පූජා කරඬු වහන්සේ රැගෙන කොළඹින් පිටත් වන රිය පෙරහර කිරුලපන, නුගේගොඩ, මහරගම, කොට්ටාව, හෝමාගම, පහත්ගම, කොස්ගම, අවිස්සාවේල්ල, කරවනැල්ල, යටියන්තොට, ගිනිගත්හේන, හැටන්, දික්ඔය, නෝර්වුඩ් හරහා නල්ලතන්නියට ළඟා වනවා.
මොණරාගලින් පිටත් වන රිය පෙරහර බුත්තල, වැල්ලවාය, ඇල්ල, දෙමෝදර, හාලිඇල, වැලිමඩ, කැප්පෙටිපොල, හග්ගල, නානුඔය, රදැල්ල, ලිඳුල, තලවකැලේ, පතන, කොටගල හරහා නල්ලතන්නියට ළඟා වීමටයි නියමිතව ඇත්තේ.
පූජා කරඬු වහන්සේ රැගෙන දෙබරවැවෙන් පිටත් වන රිය පෙරහර පන්නෙගමුව, තණමල්විල, උඩවලව හරහා පැල්මඩුල්ලට පැමිණ රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, යටියන්තොට හරහා ගිනිගත්හේන ඔස්සේ නල්ලතන්නියට ළඟා වනවා.
පදවියේ සිටද උත්තරීතර පූජා කරඬු වහන්සේ වැඩම වන රිය පෙරහරක් පිටත් වන අතර, එම රිය පෙරහර කැබිතිගොල්ලෑව, මැදවච්චිය, අනුරාධපුරය, කැකිරාව, දඹුල්ල, මාතලේ, මහනුවර, පේරාදෙනිය, නාවලපිටිය, ගිනිගත්හේන හරහා හැටන් වෙත පැමිණ නල්ලතන්නියට ළඟා වනු ඇති.
එසේම, අම්පාරේ සිට පැමිණෙන රිය පෙරහර උහන, අරන්තලාව, මහඔය, මහියංගනය, හසලක, හුන්නස්ගිරිය, තෙල්දෙනිය, දිගන, කුණ්ඩසාලේ ඔස්සේ මහනුවරට පැමිණ ගම්පොල, නාවලපිටිය හරහා නල්ලතන්නියට පැමිණීමට නියමිතයි.
මීරිගමින් පිටත් වන පූජා කරඬු වහන්සේ රැගත් රිය පෙරහර පස්යාල, ඌරපොල, ගෝනගල්දෙනිය, රුවන්වැල්ල, කරවනැල්ල ඔස්සේ යටියන්තොටට පැමිණ ගිනිගත්හේන මාර්ගයෙන් නල්ලතන්නියට ළඟාවීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ අනුව උත්තරීතර පූජා කරඬු වහන්සේ වැඳ පුඳාගෙන ආශීර්වාද ලබා ගැනීමට රට පුරා විසිරුණු සැමට අවස්ථාව සැලසෙනවා.