Gossips

සිරියාවේ රසායනික ප්‍රහාරයකින් 70 දෙනෙකු මියගිය බවට තොරතුරු

සිරියාවේ කැරළිකරුවන් අත පවතින අවසන් බලකොටුව වන නැගෙනහිර ගෞටා ප්‍රදේශයේ ඩවුමා නගරය වෙත එල්ලවූ විස රසායනික ප්‍රහාරයකින් පුද්ගලයින් 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව සහන සංවිධානයක් ප්‍රකාශ කළා.
ජීවිතාරක්ෂක මෙහෙයුම්වල නිරත වයිට් හෙල්මට්ස් සාමාජිකයන් එහිදී 150 දෙනෙකු මියගිය බවට නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩයක් පසුව මකා දමා තිබෙනවා.
එමෙන්ම සිද්ධිය පිළිබඳ ස්වාධීන තහවුරු කිරීමක් මෙතෙක් ලැබී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
රුසියාවේ සහය ලබන සිරියානු රජයේ හමුදා මෙම රසායනික ප්‍රහාරය එල්ල කළ බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවද චෝදනා කළා.