Gossips

සිරියාවේ ප්‍රහාර නවතන ලෙසට එක්සත් ජාතීන්ගෙන් ඉල්ලීමක්

කැරළිකරුවන්ගේ ග්‍රහණයේ පවතින ඩැමස්කස් නගරය අත්පත් කර ගැනීම සඳහා සිරියානු හමුදාව සිදු කරන ප්‍රහාර නවත්වන ලෙසට එක්සත් ජාතින්ගේ සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා.
එම සංවිධානය පෙන්වා දෙන්නේ යුද ගැටුම් හේතුවෙන් දින කිහිපයක් තුළ ළමයින් ඇතුඵ පුද්ගලයින් 300කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් සිරියානු හමුදාවට සහය දක්වන රුසියාව, යුද ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන්ට කිසිදු හානියක් සිදු නොවන බව ප්‍රකාශ කරනවා.