සිරියාවේ ඩැමස්කස් අගනුවර ඉලක්ක කිහිපයක් වෙත ඊශ්‍රායල ආරක්ෂක අංශ ගුවනින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාර හේතුවෙන් සිරියානු අවි ගබඩාවක සෙබළුන් 03 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
සිරියානු හමුදා ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලය එල්ල කළ මිසයිල ප්‍රහාර ඉලක්ක වෙත ළඟාවීමට පෙර සිය මිසයිලනාශක පද්ධතිය මඟින් නිෂ්ක්‍රීය කළ බවයි.