Gossips

සිරියාවේ අගනුවර බෝම්බ පිපිරීමකින් 35ක් මරුට

සිරියාවේ – ඩමස්කස් අගනුවර වෙළඳ සැලකට කැරළිකරුවන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඩමස්කස් අගනුවර නැගෙනහිර – ග්වටා ප්‍රදේශයේ කැරළිකරුවන් සහ රජයේ හමුදා අතර ගැටුම් ආරම්භ වී මාසයක පමණ කාලයක් තුළ 1400ක් පමණ මියගොස් තිබෙනවා.