Gossips

සිරියාවට නවීන රුසියානු ප්‍රහාරක යානා

නවීන ප්‍රහාරක යානා පෙළක් සිරියාවට එවීමට රුසියාව පියවර ගෙන තිබෙනවා.
එය කලාපයේ ක්‍රියාත්මක සිය හමුදාවට තර්ජනයක් බවයි ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කළේ.
එස්.යූ. 57 වර්ගයේ නවීනතම රුසියානු ජෙට් ප්‍රහාරක යානා මෙලෙස සිරියාවට එවා ඇති අතර, එම යානා සතුරු රේඩාර් පද්ධතිවලට ග්‍රහණය නොවීම විශේෂත්වයක්.
ඇමරිකාව සතු නවීනතම ප්‍රහාරක යානය වන එෆ් 22 වර්ගයේ යානා ද මේ වනවිට කලාපයේ යොදවා ඇති බව සදහන්.
සිරියාව වෙත සිය හමුදාමය දායකත්වය ශක්තිමත් කරන බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීටර් පුටින් පසුගියදා ප්‍රතිඥාවක් ලබාදුන්නා.
ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයේ ප්‍රධාන සහායකයා වන්නේ රුසියාවයි.