සිරියාවේ ඩවුමා නගරයට එල්ල වූ විස රසායන ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිරියානු රජයට චෝදනා එල්ල කර තිබෙනවා.
ඔහු කියා සිටියේ රුසියාවේ සහය ලබන සිරියානු හමුදා මෙම රසායනික අවි ප්‍රහාරය එල්ල කර ඇති බවටයි. එමෙන්ම මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ද අද රැස්වීමට නියමිතයි.
සිරියාවේ කැරළිකරුවන් අත පවතින අවසන් බලකොටුව වන නැගෙනහිර ගෞටා ප්‍රදේශයේ ඩවුමා නගරය වෙත එල්ලවූ විස රසායනික ප්‍රහාරයෙන් පුද්ගලයින් 70 දෙනෙකු මිය ගොස් 500කට අධික පිරිසක් තුවාල ලැබුවා.
