Gossips

සිරියාවට එල්ල කළ ප්‍රහාරය ට්‍රම්ප්ගේ මනෝ නාටකයක් – වොෂින්ටන් පෝස්ට් පුවත්පත

සිය මිතුරු රටවල් වන බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සමඟ ඇමරිකා එක්සත් ජනපදය සිරියාවට එල්ල කළ ප්‍රහාරය ට්‍රම්ප් පරිපාලනයේ අපේක්ෂාවන් පිළිබිඹු නොකරන බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත සඳහන් කළා.
පෙන්ටගනයේ උපදේශකයෙකු වන ජෝර්ජ් වොෂින්ටන් සරසවියේ මහාචාර්ය ස්ටීවන් බිඩ්ල් උපුටා දක්වමින් පුවත්පත කියා සිටියේ එය ට්‍රම්ප්ගේ මනෝ නාටකයක් බවයි.
විශේෂයෙන් සිරියාවේ ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමට සැලසුම් කර සිටියදී මෙවැනි ප්‍රහාරයක් තුළින් ළඟා කර ගත හැකි ඉලක්කයන් සීමිත බව පුවත්පත වැඩිදුරටත් සදහන් කළා.