Gossips

සිරියාවට, ඇමරිකාවෙන් බලගතු ප්‍රතිචාරයක්

සිරියානු රජයේ හමුදා වෙත චෝදනා එල්ල වන රසායනික අවි ප්‍රහාරයට බලගතු ප්‍රතිචාරයක් දක්වන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥාවක් ලබාදුන්නා.
එහිදී ගත යුතු ක්‍රියාමාර්ග කුමක් ද යන්න බටහිර නායකයන් ඉදිරි දින කිහිපය තුළදී තීරණය කරනු ඇති.
හමුදාමය ප්‍රතිචාර විකල්පයන් රැසක් තමන් සතුව පවතින බවයි ජනපති ට්‍රම්ප් කියා සිටියේ.
සිරියාවේ කැරලිකරුවන් සතු අවසන් බලකොටුවක් වූ නැගෙනහිර ගෞටා ප්‍රදේශයේ ඩූමා නගරයට පසුගිය සෙනසුරාදා රසායනික අවි ප්‍රහාරයක් එල්ල වූ බවට චෝදනා නැගුවේ ජීවිතාරක්ෂක කණ්ඩායමක් විසින්.
එහිදී පුද්ගලයන් 60 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවයි ප්‍රකාශ වුණේ.
කෙසේ නමුත්, මෙය සිරියානු රජයේ හමුදාවට එල්ල වූ අභූත චෝදනාවක් ලෙස රුසියාව හඳුන්වනවා.
ඒ සම්බන්ධයෙන් ඇමරිකානු සහ රුසියාව ඊයේ පැවති ජගත් ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ද වාග් සංග්‍රාමයක නිරත වුණා.
ඇමරිකාව සමඟ ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ද සිරියාවට සහ රුසියාවට ප්‍රතිචාර දැක්වීමට සූදානම්.