Gossips

සිරියානු සටන් විරාමයට ජගත් ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය

මසක කාලයක් සඳහා සිරියාවේ සටන් විරාමයක් පවත්වාගැනීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ යෝජනාවක් සම්මත කරගත්තා.
එය ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් සියලූදෙනා ඒකමතිකව අනුමත කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
දමස්කස් අගනුවර අසළ කැරළිකරුවන්ගේ බලකොටුවක් වූ ගූටා වෙත සිරියානු හමුදා අඛන්ඩව බෝම්බ ප්‍රහාර එල්ල කරද්දී මෙම සටන් විරාමය ප්‍රකාශය පත් කිරීම විශේෂත්වයක්.
එහි සිවිල් වැසියන් 500 ක් පමණ සිරියානු සහ රුසියානු ගුවන් ප්‍රහාරවලින් මියගිය බවට චෝදනා එල්ලවනවා.
නව සටන් විරාමය සඳහා සිරියානු රජයට සහය දක්වන රුසියාව එකඟත්වය පළ කළේ අල්කයිඩා සහ අයි.එස්. හෝ ඔවුන්ට සහය දක්වන කණ්ඩායම් වෙත ප්‍රහාර නතර නොකිරීමේ කොන්දේසිය මතයි.