Gossips

සිරියානු යුද්ධයේ මරණ ගණන පන්ලක්ෂය ඉක්මවයි

සිරියානු යුද්ධයේ ජීවිත හානි සංඛ්‍යාව පන්ලක්ෂය ඉක්මවා ඇති බව බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කොට ගත් සිරියානු මානව හිමිකම් සංවිධානයක් පවසනවා.
එමගින් පෙන්වා දෙන්නේ සිරියානු යුද්ධය ආරම්භ වී ගත වූ හත් වසර තුළ පුද්ගලයන් පන්ලක්ෂ 11,000ක් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.
එමෙන්ම මිලියන සංඛ්‍යාත සිරියානුවන් යුද්ධය හේතුවෙන් සිය නිවෙස්වලින් පළා ගොස් ඇති අතර, ඇතැමුන් විදේශ රටවල සරණාගතයින් බවට පත්ව සිටිනවා.
සිරියානු යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් අතරින් සියයට 85ක්ම සිවිල් වැසියන් ලෙසයි සැලකෙන්නේ.