Gossips

සිරියානු අවසන් සටන නතර නොකරන බව පුටින් කියයි

සිරියානු කැරළිකරුවන් සතු අවසන් බලකොටුව වන ඉඩ්ලිබ් අත්පත් කර ගැනීම සඳහා ඉරානයේ සහ රුසියාවේ සහය ඇතිව සිදුකරන මෙහෙයුම නතර නොකරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කළා.
අයි.එස්. සහ අල්ඛයිඩා ඇතුළු කැරළිකාර කණ්ඩායම් රැසක් බලය පතුරුවා සිටින එහි මිලියන 3ක් පමණ ජනතාවක් වාසය කරන බව සඳහන්.
ඉරාන, රුසියානු සහ තුර්කි නායකයන් අතර ඊයේ පැවති ත්‍රෛපාර්ශවික සාකච්ඡාවකදී මෙහෙයුම පමා කරන ලෙස ඉල්ලා ඇත්තේ තුර්කි ජනාධිපති අර්ඩවාන් විසින්.
එහෙත් සිරියානු අවසන් සටන ලෙස සැලකෙන ඉඩ්ලිබ් මෙහෙයුම නතර කළ නොහැකි බවයි ජනපති පුටින් මෙන්ම ඉරාන ජනාධිපති හසාන් රවුහානි ප්‍රකාශ කර ඇත්තේ.