Gossips

සිරියානු අගනුවරට ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක්

සිරියාවේ ඩමස්කස් අගනුවර ඉරාන සහ සිරියානු ආරක්ෂණ පද්ධති ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පවසනවා.
සිරියාව ප්‍රකාශ කළේ එලෙස එල්ල කළ මිසයිල වලින් බොහොමයක් බිම හෙලීමට සමත් වූ බවයි.
කෙසේ නමුත්, සිරියානු රජයට පක්ෂපාත සටන්කාමීන් 11 දෙනෙකු ප්‍රහාරයෙන් මිය ගිය බව සිරියානු විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.
ඊශ්‍රායලය, සිරියාව වෙත එල්ල කරන ප්‍රහාර ප්‍රසිද්ධියේ පිළිගැනීම විරල සිද්ධියක්.
එහෙත් ඊශ්‍රායල ආරක්ෂක හමුදා ට්විටර් ගිණුමට එක් කළ පණිවුඩයක දැක්වුණේ ඊශ්‍රායලයට සහ කලාපයට තර්ජනයක් වන සිරියාවේ පිහිටි ඉරාන ඉලක්කවලට තමන් ප්‍රහාරයක් එල්ල කළ බවයි.rn