මෙවර සිරිපා වන්දනා වාරය හෙට උදුවප් පෝ දිනයෙන් ආරම්භ වනවා.
ශ්‍රී පාද අවාරයේ පැල්මඩුල්ල – ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත් කර තිබූ සධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ ඊයේ පස්වරුවේ සුභ නැකතකින් වඩම්මවා ජනතාවට වැද පුදා ගැනීමට අවස්ථාව සලස්වා තිබුණා.
ඒ අනුව, අද අලූයම සිට සදාතුක කරඩුව, සමන්දේව ප්රතිමාවන් සහ දේවාභරණ රැගත් පෙරහර මාර්ග 2 ක් ඔස්සේ ශ්‍රී පාද පද්මය වෙත වැඩම කෙරෙනවා.
රත්නපුර – පලාබද්දල, ඔස්සේ ශ්‍රී පාද පද්මය වෙත ළගා වන පෙරහර මේ වනවිට ආරම්භ වී ඇති අතර හැටන් මාර්ගය ඔස්සේ ගමන් ගන්නා පෙරහර ද මේ වනවිට පැල්මඩුලේ සිට පැමිණෙමින් පවතින බවයි අප වාර්තාකරු කියා සිටියේ.
නල්ලතන්නියේ සිට ශ්‍රීපාද උඩමලූව දක්වා යුද හමුදා නිලධාරින්ගේ සහය ඇතිව විශේෂ රන්සිවි ගෙයක, සධාතුක කරඩුව, සමන්දේව ප්රතිමාවන් සහ දේවාභරණ තැන්පත් කර ශ්‍රී පාද උඩමළුව වෙත වැඩම කිරීම සිදුකෙරෙනවා.
අනතුරුව හෙට දිනයේදී ශ්‍රී පාද පද්මය සුවද පැණින් දෝවනය කර සදාතුක කරඩුව තැන්පත් කිරීම සිදුකෙරෙනු ඇති.
ශ්‍රී පාද පද්මය පිහිටුවා වසර 2600 ක් සපිරීම නිමිත්තෙන් මෙවර ශ්‍රී පාද මුළුවේ විශේෂ පිංකම් රැසක් ද සිදුකරන බවයි ශ්‍රී පාදස්ථානාධිපති රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් සදහන් කළේ.