එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙලට සමගාමීව සිරිකොත පක්ෂ මූලස්ථානය ප්රධාන ක්ෂේත්ර තුනකට වෙන් කර එහි කටයුතු කාර්යයක්ෂමව ඉදිරියට ගෙන යාම සඳහා නිලධාරී මණ්ඩලයකට බලය පැවරීමට තීරණය කර තිබෙනවා.
එම පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජන සන්නිවේදන හා ප්රචාරක අංශය, ප්රධාන කාර්යාලය මෙහෙයවීම සහ සාමාජිකයන් බඳවා ගැනීම මෙන්ම ප්රවර්ධන කටයුතු බිම් මට්ටමින් ක්රියාවට නැංවීම වැනි කටයුතු ඉදිරියට මෙහෙයවීම සඳහා නිලධාරීන් තුන්දෙනෙකුට බලය පැවරෙන බවයි.
එමෙන්ම ඔවුන්ට සහය දැක්වීමට විෂය භාර නව ලේකම්වරුන් තුන් දෙනෙකු ද පත් කෙරෙනු ඇති.
පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම හා ප්රවර්ධන කටයුතු බිම් මට්ටමේ සිට ක්රියාවට නැංවීම ජාතික සංවිධායකවරයාටත්, සන්නිවේදන හා ප්රචාරක කටයුතු ඉදිරියට ගෙන යාම ඒ සඳහා පත් කරන ප්රධානියාටත් වගකීම් පැවරෙනවා.
පක්ෂයේ ප්රධාන කාර්යාලය මෙහෙයවීමේ කටයුතු මහලේකම්වරයාට පැවරෙනු ඇති.