Gossips

සිරවූවන් සොයා ඉන්දුනීසියාවේ තවදුරටත් මෙහෙයුම්

ඉන්දුනීසියාවේ ඇතිවූ භූ කම්පනයෙන් සහ සුනාමි රළ පහරින් අනතුරුව කඩා වැටුණු සුන්බුන් අතර සිටින පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
විදෙස් වාර්තා සඳහන් කළේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ පැය 24 පුරා මෙම මෙහෙයුම් දියත් කර ඇති බවයි.
සුනාමි ව්‍යවසනයෙන් පසුව වසංගත රෝග පැතිර යාමේ අවධානම පාලනය කිරීම සඳහා මියගිය පිරිස් සමූහ වශයෙන් භූමදාන කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ඉන්දුනීසියාවේ පෙරේදා සිදුවූ රික්ටර් මාපකයේ 7.5ක අගයක් ගත් භූ කම්පනයෙන් පසුව ඇති වූ සුනාමි රළ හේතුවෙන් පුද්ගලයන් 832කු මියගොස් තිබෙනවා.
මෙම සංඛ්‍යාව දහස ඉක්මවනු ඇති බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ.