Politics Sri Lanka

සිරගත කළ ගොවිජනතාව හමුවීමට නාමල් කරුණාරත්න බන්ධනාගාරයට යයි

සිරගත කළ ගොවිජනතාව හමුවීමට නාමල් කරුණාරත්න බන්ධනාගාරයට යයි

ගොවි ජනතාවට වගා කටයුතු සිදු කිරීමට ඇති රාජාංගන ජලාශයේ ජලය පානීය ජල ව්‍යාපෘතියක් සඳහා භාවිතා කිරීමට එරෙහිව ගොවි ජනතාව දැක්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් ගොවීන් ගේ සුව දුක් විමසීමටත් මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමටත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා රාජාංගනය එාක්බද්ධ ගොවි සමිතියේ නායකයින් සමග අද (01) අනුරාධපුර බන්ධනාගාරයට ගොස් තිබේ.

එම අවස්ථාවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති සුසන්ත කුමාර නවරත්න මහතාද සහභාගී වී සිටියේය.

එම විරෝධතාවය අතරතුරු ගෙවීන් 59 දෙකෙු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

රාජාංගනය වැවෙන් ලබා ගන්නා ජනයෙන් අවට ප්‍රදේශවල ජනතාවගේ ඌග්‍ර පානීය ජල ගැටළුවට විසුදුම් ලබාදීම සඳහා මෙම ව්‍යාපෘතිය චීන සමාගමක් සමග එක්ව ආරම්භ කළ ව්‍යාපෘතියක් බව පැවසේ.

කෙසේ නමුත් කලාඔය හරස් කොට ඉදි කරන ලද රාජාංගනය වැව අක්කර 19,500ක් සඳහා වී වගාවට අවශ්‍ය ජලය සපයයි.

ජලය තැන්පත් කොට ගොවීන්ට වගාව සඳහා ජලය සැපයීමට වැව් නිර්මාණය කර තිබෙන අතර දැනට දැනගන්නට ලැබෙන ආකාරයට යෝජිත පානීය ජල ව්‍යාපෘතිය සඳහා එක දවසකට ජල අක්කර අඩි පනහක් වැය වේ. ඒ අනුව මාසයකට ජලය අක්කර අඩි 1500ක් වැය වේ. ඒ අනුව එක කන්නයක් තුළ ජලය අක්කර අඩි 9,000කට වැඩි ප්‍රමාණයක් පානීය ජලය ලෙස නිකුත් කිරීමට සිදු වේ. ඒ හේතුවෙන් සෑම කන්නයකදීම කුඹුරු අක්කර 2000කට පමණ ජල හිඟයක් ඇති වීම වැලැක්විය නොහැකිය.