Gossips

සිරකරු සැමරුම් දින පළමු කොඩිය ජනපතිට

සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණු කරගනිමින් හෙටට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමීව ක්‍රියාත්මක කරන කොඩි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පළඳවනු ලැබුවා.
ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මෙම කොඩි සතිය වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබනවා.