Gossips

සියළු පක්ෂ එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා සූදානමින්

මෙම ආණ්ඩුව යටතේ මැතිවරණයකට යාම ගැටළු සහගතනම් සියළු පක්ෂ එක්වී භාරකාර ආණ්ඩුවක් හෝ පිහිටුවා මැතිවරණයකට යාමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
මේ අතර, අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ද කථානායකවරයා සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා.