Gossips

සියවසේ සිදුවූ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ලංකාව වටේටම පෙනුණු හැටි (ඡායාරූප)

සූර්යයා, පෘථීවිය සහ චන්ද්‍රයා එකම සරල රේඛාවක පිහිටීමේදී චන්ද්‍රග්‍රහණයක් සිදු වනවා.
ඒ, පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මත පතිත වී චන්ද්‍රයා අඳුරුවී යාමෙන් ඊයේ සිදුවූ චන්ද්‍රග්‍රහණය රාත්‍රී 10.45ට ආරම්භ වී අද අලුයම 4.58 දක්වා පැවතුනා.
පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදු වන අවස්ථාවේ චන්ද්‍රයා රතු පැහැයෙන් දිස්වන අතර එය හදුන්වන්නේ ලෝහිත චන්ද්‍රයා හෙවත් BLOOD MOON ලෙසයි.
ඊයේ සිදුවූ චන්ද්‍රග්‍රහණය ලෝකයේ බොහෝ රටවලට දිස්වුවද ඉතා පැහැදිලිව දිස්වන්නේ ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයකට පමණයි.
මේ අතර ශ්‍රී ලංකාවේ මුල්වරට වැඩිම දුරේක්ෂ ප්‍රමාණයක් උපයෝගී කරමින් මෙම චන්ද්‍රග්‍රහණය නැරඹීමේ වැඩසටහනක් ආදී නාලන්දීය තාරකා විද්‍යා සංගමය සංවිධානය කර තිබුනේ මෙලෙසින්.
ලාහුගල ප්‍රදේශයට චන්ද්‍රග්‍රහණය දිස්වූ අයුරු.

තංගල්ල ප්‍රදේශයට චන්ද්‍රග්‍රහණය දිස්වූ අයුරු.

මෙම චන්ද්‍රග්‍රහණය අම්පාර ප්‍රදේශයට දිස්වූ අයුරු පහතින්.

චන්ද්‍රග්‍රහණය පැල්මඩුල්ල ප්‍රදේශයට දිස්වූ අයුරු පහතින්.

උතුරට චන්ද්‍රග්‍රහණය දිස්වූ අයුරු පහතින්.


(ඡායාරූප – වසන්ත චන්ද්‍රපාල / ගමඇතිගේ / රොමේෂ් මදුශංක / ආදී නාලන්දීය තාරකා විද්‍යා සංගමය)