Gossips

සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද රාත්‍රියේ – අඟහරුත් පෘථිවියට සමීප වෙයි

මේ සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අත්දැකීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා වාසීන්ට අද හිමිවනවා.
අද රාත්‍රී 10.45 ට ආරම්භ වන චන්ද්‍රග්‍රහණය අවසන් වන්නේ හෙට අලූයම 4.58 ටයි. එය පියවි ඇසින් දැක ගැනීමේ හැකියාව අද රාත්‍රි 11.45 සිට හෙට අලූයම 3.49 දක්වා පවතින බවයි තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
ඇසළ පුර පසලොස්වක පොහෝදා යෙදී ඇති මෙම චන්ද්‍රග්‍රහණයේදී චන්ද්‍රයා බ්ලඩ් මූන් හෙවත් ලෝහිත චන්ද්‍රයා ලෙස ද හැඳින්වෙනවා.
ඒ චන්ද්‍රග්‍රහණය සිදුවන කාලසීමාව තුළ චන්ද්‍රයා රත්පැහැ ගැන්වීම හේතුවෙන්.
අද සිදුවන චන්ද්‍රග්‍රහණයට සමගාමීව අඟහරු ග්‍රහයාද වසර 15 කින් පෘථිවියට සමීපතම අවස්ථාවට පත්වීම විශේෂත්වයක්. අඟහරු චන්ද්‍රයාට සමීපව අසාමාන්‍ය ලෙස විශාලව සහ දීප්තිමත්ව පියවි ඇසින් දැක ගැනීමට හැකිවනු ඇති.