Gossips

සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද රාත්‍රියේ

අදට යෙදෙන ඇසල පුන් පොහෝ දිනයේදී සියවසේ දීර්ඝතම පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැරඹීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව හිිමිවනවා.
එම චන්ද්‍රග්‍රහණය, මෙරට වේලාවෙන් රාත්‍රී 10.45 ට ආරම්භ වන අතර, එහි අවසානය පසුදින අලූයම 4.58 ට සිදුවීමට නියමිතයි.
එය පියවි ඇසින් දැක ගැනීමේ හැකියාව අද රාත්‍රි 11.45 සිට හෙට අලූයම 3.49 දක්වා පවතිනවා.
මෙය සාමාන්‍ය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දිස්වන වේලාව මෙන් සියයට 40 කට වැඩි කාලයක් දර්ශනය වීමද විශේෂත්වයක්.
සාමාන්‍යයෙන් චන්ද්‍රග්‍රහණයකදී චන්ද්‍රයා කළු පැහැයෙන් දිස්වන අතර, අද දිනයේ දර්ශනය වන මෙම පූර්ණ චන්ද්‍රග්‍රහනයේදී චන්ද්‍රයා රත් පැහැයක් ගත හැකි බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරක විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ.
වායුගෝලයේ පවතින දූෂිත තත්ත්වය මෙයට හේතුව බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ඒ අනුව අද දිනයේ දර්ශනය වන චන්ද්‍රයා ලෝහිත චන්ද්‍රයා ලෙස හඳුන්වනු ලබනවා.