සියලූ සෞඛ්‍ය සේවාවන් වැට් බදුවලින් නිදහස් කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
පෞද්ගලික රෝහල් සේවා ගාස්තු අය කිරීමේදී රෝගීන්ගේ බිල්පතට වැට් බදු එකතු කිරීම හේතුවෙන් ඔවුන් පීඩාවට පත්ව ඇති බවට විවිධ පාර්ශවයන් කරුණු හෙළි කිරීමෙන් පසු මෙම තීරණය ගත් බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.
අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ වෙත උපදෙස් ලබාදී ඇති බවද සඳහන්.