Gossips

සියලූ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය විනාශ කිරීම ලබන මස 1 වනදා කටුනායකදී

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින අස්ථාවරත්වය අනුව ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී ප්‍රකාශ කළා.
එසේම කවුරුන් විරුද්ධ වුවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා යළි අවධාරණය කළේ.
එසේම මෙතෙක් අත්අඩංගුවට ගත් සියලූ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය විනාශ කිරීම ලබන මස 1 වනදා විනිසුරුවරුන් සහ පොලිස් නිලධාරීන් ඉදිරියේදී කටුනායකදී සිදුකරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ අදහස් දැක්වුයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවට එක්වෙමින්.