Gossips

සියලූ අමාත්‍යාංශ නිරීක්ෂණය කිරීමට, ජනපතිගෙන් තීන්දුවක්

ඉදිරියේදී සියලූ අමාත්‍යාංශ නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනාධිපති කාර්යාලයේදී ආණ්ඩුකාරවරුන් සමඟ ඊයේ (08) පස්වරුවේ පැවති හමුවකදීයි.
මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා ලබන අප්‍රේල් මස 3 වනදායින් පසු ත්‍රිවිධ හමුදාවේ වැඩි දායකත්වයක් ලබා ගන්නා බව ද එහිදී ජනාධිපතිවරයා සඳහා කළා.
රටේ ආර්ථික සංවර්ධන වේගය ඉහළ නංවා ගැනීම සඳහා සියලූදෙනා දේශපාලන පක්ෂ භේදයකින් තොරව එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී අවධාරණය කළා.