Gossips

සියලු දරුවන් වෙත සුරක්ෂිත ජීවිතයක් තහවුරු කිරීම වෙනුවෙන් කැපවන බවට ජනපතිගෙන් පණිවුඩයක්

සියලු දරුවන් වෙත සුරක්ෂිත ජීවිතයක් තහවුරු කිරීම වෙනුවෙන් තමා තවදුරටත් කැපවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
අදට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ අධ්‍යාපනයේ තරඟය විසින් ද නාගරීකරණය හෝ ජීවන මාදිලියේ සිදුවී ඇති වේගවත් පරිවර්තනයන් හේතුවෙන්ද දරුවන්ගෙන් උදුරාගෙන ඇති නිදහස සහ විචිත්‍රවත් භාව ලෝකය යළි ඔවුන් වෙත දිනාදිය හැකි මං සෙවීම වැඩිහිටියන් කාගේත් වගකීම බවයි.
එමෙන්ම මිනිසුන් ලෙස අද අප භූක්ති විඳින අයිතිවාසිකම් බොහොමයක් අප වෙත දිනාදුන් සටන්කරුවන් වන්නේ වැඩිහිටියන් බවයි අදට යෙදෙන වැඩිහිටි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.