Politics Sri Lanka

සියලුම පාසල් 10 වෙනිදා ඡන්දයට 09 වැනිදා වසයි

සියලුම පාසල් 10 වෙනිදා ඡන්දයට 09 වැනිදා වසයි

ලබන 10වනදා පැවැත්වෙන 2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් මේ මස 09 වැනි සිකුරාදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට අමතරව ඡන්ද රාපකාරි කටයුතු සඳහා යොදා ගන්නා පාසල් 19ක් හා අධ්‍යාපන විද්‍යාපීඨ දෙකක් අද (07) සිට සිකුරාදා (09) දක්වා වසා තැබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

කොළඹ ඩී.එස්.සේනානායක සහ රාජකීය, කළුතර ඥානෝදය සහ ශාන්ත ජෝන්, මහනුවර රාජකීය, මාතලේ සංඝමිත්තා, නුවරඑළිය ගාමිණි ජාතික පාසල, ගාල්ල සවුත්ලන්ඩ්, හම්බන්තොට සුචී ජාතික පාසල, යාපනය මධ්‍ය විද්‍යාලය, මඩකලපුව හින්දු විදුහල, ත්‍රිකුණාමලය විපුලානන්ද, කුරුණෑගල මලියදේව, සර් ජොන්, පුත්තලම හින්දු, අනුරාධපුරය මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල විහාරමහාදේවී විද්‍යාලය, මොණරාගල රාජකීය, කෑගල්ල ස්වර්ණ ජයන්ති මධය මහා විද්‍යාලය යන පාසල් ද ගම්පහ පන්නල ගෙදර අධ්‍යාපන විද්‍යාපීඨය සහ පුලතිසි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ යන විද්‍යාපීටද අද සිට සිකුරාද දක්වා වසා තැබෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.