Gossips

සියල්ල සුන්කරමින්, කෝටි ගණනක් හික්කඩුවට කිලෝ මීටර් 51 ක් දුර මුහුදේදී ගිනි ගනී

හික්කඩුව මුහුදේදී ධීවර යාත්‍රාවක් ගිනිගනී
බහුදින ධිවර යාත්‍රාවක් බේරුවල වාරයේ සිට මුහුදු කිලෝ මීටර් 51 ක් දුර දියඹේදී අද (22) අලුයම ගිනි ගෙන විනාශ වී තිබෙනවා.
සිය මංගල ගමන සනිටුහන් කරමින් “ජනත් පුතා 2” ලෙස නම් කල මෙම ධිවර යාත්‍රාව ඊයේ (21) රාත්‍රීයේ ගමන් ආරම්භ කර ඇත්තේ දික්ඕවිට ධිවර වරායෙන්.
අනතුරට ලක්වන විට එහි ධිවරයින් 8දෙනෙකු සිට ඇති අතර ඔවුන්ට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි බහුදින ධිවර යාත්‍රා සංගමයේ සභාපති සුජිත් සමන්ත අප සමඟ පවසා සිටියේ.
එම ධිවරයින් මෙම යාත්‍රාවත් සමගින්ම ගමන් කළ ජනත් පුතා 1 යාත්‍රාව විසින් බේරාගෙන තිබෙනවා.
ගිනි ගෙන විනාශ වූ ධිවර යාත්‍රාවේ සහ එහි තිබු ධිවර උපකරණවල වටිනාකම රුපියල් කෝටි 3 ඉක්මවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම එහි ඉන්ධන ලීටර 15000ක් ද තිබු බවයි වාර්තා වන්නේ.