Gossips

සියල්ලන් බලා සිටි ජනබලය කොළඹට විරෝධතාවේ ජන රැළිය පැවැත්වෙන තැන මෙන්න

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන බලය කොළඹට විරෝධතාවය ලේක්හවුස් වටරවුමේ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
මෙම විරෝධතාවය හේතුවෙන් අලුත්කඩේ අධිකරණ සංකීර්ණය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි පොලීසිය කියා සිටියේ.
ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා තිබෙනවා.
ඩී.ආර්. විජේවර්ධන මාවත, ඕල්කට් මාවත ඇතුළු යන මාර්ග කිහිපයක් ඔස්සේ පෙලපාලි 6 කින් ජනබලය විරෝධතාවය කොළඹට ඇතුළු වන බවද වාර්තා වනවා.
මේ වනවිටත් දුර පළාත් වලින් බස් රථ කොළඹට පැමිණ ඇති වාර්තා වන අතර පස්වරු 2 ට "ජනබලය කොළඹට" ජන රැළිය ආරම්භ වන බවත් ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ සවස 3ට පමණ කොටුව, බෝගහ ආසන්නයේ දී ජන රැළියට සම්බන්ධ වීමට නියමිත බවත් ඒකාබද්ධ විපක්ෂය පවසනවා.